කීබෝඩ් එකක් මිලදී ගැනීමට පෙර කරුණු කිහිපයක් සලකා බැලිය යුතු වෙනවා.
- ඔබ වියදම් කරන්න සූදානම් මුදල
- භාවිත කරන අයගේ සංගීත හා තාක්ශණික දැනුම
- භාවිත කිරීමේ අරමුණ
- කොපමණ කාලයක් භාවිත කිරීමට සූදානම් ද
ඔබ වෘත්තිමය වශයෙන් සංගීතයේ යෙදෙන්නේ නැතිනම්, කීබෝඩ් එකක් මිලදී ගැනීම ආයෝජනයක් නම් වෙන්නේ නැහැ. ඒ වෙනත් ඉලෙක්ට්‍රොනික් උපකරණ වල වගේම කීබෝඩ් වල මිලත් කාලයත් සමග පහල යන නිසා.
අපි එක එක කීබෝඩ් වර්ග සහ මොඩ්ල්ස් ගැන ගැඹුරට බලන්නේ නැතුව, එක එක ජාතියේ ප්ලේයර්ස් ලට හොඳ මොන වගේ කීබෝඩ් එකක් ද කියලා බලමු. මොකද අද කාලේ එන එක කීබෝඩ් එකක් ගැන පැය ගණන් කතා කරන්න පුලුවන්. ඒ වගේම ඕනතරම් ඔය එක මොඩ්ල් එකක් ගැන රිවීව්ස් හොයාගන්න පුලුවන්.
Controllers
මෙන්න මේ ජාතියේ කීස් සහ කන්ට්‍රෝල්ස් සීමිත ගාණක් තියන ඒ වගේම ඔන්බෝඩ් සවුන්ඩ් නැති කීබොඩ් එකකට අපි කියනවා කන්ට්‍රෝලර් කීබොඩ්ස් කියලා. මේකක් යූස් කරන්න නම් අනිවාර්‍යෙන්ම එෆ් එල් ස්ටුඩියෝ වගේ DAW සොෆ්ට්වෙයා එකක් ඕනේ. අන්න ඒ වගේ සොෆ්ට්වෙයා වල තියන වර්චුවල් ඉන්ස්ටෘමන්ට්ස් මේවලින් පාලනය කරන්න පුලුවන් නිසා මේවට කන්ට්‍රෝලර් කීබෝඩ්ස් එහෙම නැත්තන් මිඩි කීබෝඩ් කියලා කියනවා. කන්ට්‍රෝලර් කීබෝඩ් වල වාසි තමයි, මේවා ලේසියෙන් එහේ මෙහේ ගෙනියන්න පුලුවන්, ලැප්ටොප් එකක් වුණත් ඉස්සරහ තියාගෙන වැඩ කරන්න පුලුවන්. ඒ වගේම ගොඩක් මියුසික් මේකින් සොෆ්ට්වෙයා එක්ක යූස් කරන්න පුලුවන්.
Workstations
Workstation කීබෝඩ් වල විශේෂත්වය තමයි සාමාන්‍ය Music Making Software වල දකින්න පුලුවන් Step Sequencers, Pattern Creating වගේ Features තියන එක. ඒ කියන්නේ මේ කීබෝඩ් වලින් අලුත් මියුසික් ට්‍රැක් එකක් හදනවා වගේ වැඩ කරන්න පුලුවන්. සමහර වෙලාවට ඉහල පෙලේ Arranger කීබෝඩ්ස් වලත් මේ දේවල් කරන්න අමාරුයි. මේ නිසා මේ කීබෝඩ් සිංදු, ට්‍රැක් හදන අයට හොඳින් ගැලපෙනවා.
Workstation කීබෝඩ් වලට උදාහරණ හැටියට Roland Fantom, FA, Korg Triton කීබෝඩ් පෙන්නන්න පුලුවන්. මීට අමතරව, දැන් නිශ්පාදනයේ නැතත් 90 දශකයෙ සිට අද දක්වාම සජීවී සංගීත කණ්ඩායම් වාදකයින් අතර ජනප්‍රිය Roland XP50, XP80, JV1000 වැනි කීබෝඩ් ද අයත් වන්නේ මේ ගණයටයි. නමුත් යමහා සමාගම දැන් වර්ක්ස්ටේශන් කීබෝඩ් විශේෂයෙන් නිශ්පාදනය කරන්නේ නැහැ. ඒ ඔවුන්ටම අයත් Steinberg Nuendo සහ Cubase වැනි DAW Software තිබෙන නිසා.
Synthesizers
Synthesizers භාවිතා කරන්නේ අලුත් Sounds නිර්මාණය කරන්න. මේවයේ Sounds වල මූලික තරංග එහෙම නැත්නම් Waves වෙනස් කරලා අලුත් Sounds හදන්න පුලුවන් Synth Engines, Oscillators වගේ සංකීර්ණ Features තියෙනවා. මේ නිසා ගොඩක් වෙලාවට වෘත්තිමය සංගීත අධ්‍යක්ශක වරුන් මේ ජාතියේ කීබෝඩ් භාවිතා කරනවා. නමුත් මේවායේ Sound වල ඇති Quality Eka නිසා වගේම ලයිව් ප්ලේ කරනකොට තිබෙන පහසුකම් නිසාම , නව පරපුරේ සංගීත කණ්ඩායම් සහ එකෝස්ටික් සංගීත කණ්ඩායම් වල මේ Yamaha Montage, MODX, කෝග් ක්‍රෝනොස් wage synthesizer කීබෝඩ් භාවිත කෙරෙනවා.
Digital Pianos
Stage Keyboards
Buying a Used Keyboard
අනික් ප්‍රශ්නෙ තමයි සෙකන්ඩ් හෑන්ඩ් කීබෝඩ් එකක් ගන්නවද කියන එක. එහෙම ගන්නවනම් මේ දේවලුත් ටිකක් සලකලා බලන්න.
කීබෝඩ් එකක් කියන්නේ ෆෝන් එකක් වගේ නෙමෙයි. හාඩ්වෙයා කෑලි ගොඩක වගේම සොෆ්ට්වෙයා එකක එකතුවක්. ඒ වගේම පැනල් එකේ තියන බට්න්ස් ලයිට්ස් වගේම කීබෙඕඩ් එකේ ඉන්පුට් අවුට්පුට් කනෙක්ටර්සුත් ගොඩක් තියෙන්න පුලුවන්. සමහර විට ඕක ටිකක් ඇඩ්වාන්සෙඩ් කීබෝඩ් එකක් නම් ඕකේ සොෆ්ට්වෙයා එකේම වැඩ ගොඩක් තියෙන්න පුලුවන්. ප්‍රශ්නෙ තමයි ගන්නකොට ඔය ඔක්කොම වැඩ කරනවද කියලා ප්‍රායෝගිකව චෙක් කරන්න අමාරුයි. අනික තමයි ඔය මොකක් හරි එකක ෆෝල්ට් එකක් තිබුණොත් සමහරවිට කීබෝඩ් එකෙන්ම වැඩක් නැතිවෙන්න පුලුවන්.
අනික් එක තමයි කීබෝඩ් එක නිශ්පාදනය කරලා තියෙන අවුරුද්ද. මේකත් පරණ වෙන්න පරණ වෙන්න ප්‍රශ්න එන්න පුලුවන්. සමහර වෙලාවට මොකක් හරි රෙපෙයාර් එකක් ඇවිත් පරණ කීබෝඩ් එකක පාට් එකක් හොයාගන්න බැරිවුණොත් ඒත් වෙන්නේ පාඩුවක්.
Thank you
ReplyDelete