Saturday, February 20, 2021

MIDI ගැන ඉගෙනගමු

හරි මේ Tutorial එකේදි කියලා දෙන්න යන්නේ SX Keyboard එකකින් MIDI Track එකක් හදාගන්න හැටි. Tutorial එකට යන්න කලින් මම මේ MIDI කියන්නේ මොකද්ද ඒ වගේම MIDI වල ඉතිහාසය පොඩ්ඩක් කියන්නම්. මොකද ගොඩක් වෙලාවට අපි මේ MIDI, MIDI Keyboard, MIDI File, MIDI Track වගේ දේවල් ගැන කතාකරාට මේ ගැන දන්නේ නැති නිසා.


History

80 දශකය වෙනකොට Keyboards, Synthesizers වගේ Electronic Musical Instruments ගොඩක් ජනප්‍රිය වෙන්න පටන්ගන්නවා. මේ නිසා මේ Instruments දෙකක් අතර Data හුවමාරු කරගන්න ඒ වගේම Computer එකකට Connect කරලා වැඩක් ගන්න ක්‍රමය ගැන අවශ්‍යතාවය මතුවෙනවා.


මේ අදහස ගැන මුලින්ම කතා කරන්නේ රෝලන්ඩ් සමාගමේ නිර්මාතෘ වරයා වන ජපන් ජාතික ඉකුතාරෝ කකෙහාශී කියන ඉන්ජිනේරුවරයා. ඔහු මේ ගැන සොයා බලන්න ඩේව් ස්මිත් කියන ඇමෙරිකන් ජාතික ඉන්ජිනේරුවරයාට පවරනවා. මේ ඩේව් ස්මිත් සහ චෙට් වුඩ් කියන අය එකතුවෙලා එක එක වර්ගයේ Instruments වලට සන්නිවේදනය කරගන්න පුලුවන් Universal Synthesizer Interface කියලා Technology එකක් හොයාගන්නවා. මේ Universal Synthesizer Interface එක, Roland, Yamaha, Korg, Kawai, Sequential Circuits කියන Companies එකතුවෙලා තව දුරටත් වැඩිදියුණු කරලා 1982 දි MIDI එහෙම නැත්නම් Musical Instrument Digital Interface කියන Standard එක මුලින්ම එලිදක්වනවා. 


මේ MIDI වල තියන වාසිය තමයි ගොඩක් අඩු ඉඩ ප්‍රමාණයකින් ගොඩක් Data Store කරගන්න තියන පුලුවන්කම. ඒ වගේම MIDI කියන්නේ Standard එකක් නිසා අද වෙනකොට Instruments, DAW Software, Mixing Consoles, Lightning Systems වගේ Music වලට අදාල හැම පැත්තකම මේ MIDI Use වෙනවා.

මේ MIDI Technology එක හොයාගෙන සංගීත ක්ශේත්‍රයට කරපු ඉතා වටිනා සේවාව නිසා 2013 දී ඉකුතාරෝ සහ ඩේව් ස්මිත් තාක්ශණික සොයාගැනීම් සඳහා ලබා දෙන ග්‍රැමී සම්මානෙයෙන් පිදුම් ලබනවා

ඕක MIDI තමයි වල ඉතිහාසය.

No comments:

Post a Comment