Saturday, January 1, 2022

Free Yamaha Styles for Sinhala Songs.

Free Yamaha Styles for Sinhala Songs.



Sri Lankan Entertainer Yamaha Styles Pack 

  • 6-8Classical
  • 6-8SlowLive
  • MoonlightBallad
  • SL80sHit
  • 80sBaila
  • FlashbackStyle
  • ModernKapirinna

Download for Free

Saturday, February 20, 2021

MIDI ගැන ඉගෙනගමු

හරි මේ Tutorial එකේදි කියලා දෙන්න යන්නේ SX Keyboard එකකින් MIDI Track එකක් හදාගන්න හැටි. Tutorial එකට යන්න කලින් මම මේ MIDI කියන්නේ මොකද්ද ඒ වගේම MIDI වල ඉතිහාසය පොඩ්ඩක් කියන්නම්. මොකද ගොඩක් වෙලාවට අපි මේ MIDI, MIDI Keyboard, MIDI File, MIDI Track වගේ දේවල් ගැන කතාකරාට මේ ගැන දන්නේ නැති නිසා.


History

80 දශකය වෙනකොට Keyboards, Synthesizers වගේ Electronic Musical Instruments ගොඩක් ජනප්‍රිය වෙන්න පටන්ගන්නවා. මේ නිසා මේ Instruments දෙකක් අතර Data හුවමාරු කරගන්න ඒ වගේම Computer එකකට Connect කරලා වැඩක් ගන්න ක්‍රමය ගැන අවශ්‍යතාවය මතුවෙනවා.


මේ අදහස ගැන මුලින්ම කතා කරන්නේ රෝලන්ඩ් සමාගමේ නිර්මාතෘ වරයා වන ජපන් ජාතික ඉකුතාරෝ කකෙහාශී කියන ඉන්ජිනේරුවරයා. ඔහු මේ ගැන සොයා බලන්න ඩේව් ස්මිත් කියන ඇමෙරිකන් ජාතික ඉන්ජිනේරුවරයාට පවරනවා. මේ ඩේව් ස්මිත් සහ චෙට් වුඩ් කියන අය එකතුවෙලා එක එක වර්ගයේ Instruments වලට සන්නිවේදනය කරගන්න පුලුවන් Universal Synthesizer Interface කියලා Technology එකක් හොයාගන්නවා. මේ Universal Synthesizer Interface එක, Roland, Yamaha, Korg, Kawai, Sequential Circuits කියන Companies එකතුවෙලා තව දුරටත් වැඩිදියුණු කරලා 1982 දි MIDI එහෙම නැත්නම් Musical Instrument Digital Interface කියන Standard එක මුලින්ම එලිදක්වනවා. 


මේ MIDI වල තියන වාසිය තමයි ගොඩක් අඩු ඉඩ ප්‍රමාණයකින් ගොඩක් Data Store කරගන්න තියන පුලුවන්කම. ඒ වගේම MIDI කියන්නේ Standard එකක් නිසා අද වෙනකොට Instruments, DAW Software, Mixing Consoles, Lightning Systems වගේ Music වලට අදාල හැම පැත්තකම මේ MIDI Use වෙනවා.

මේ MIDI Technology එක හොයාගෙන සංගීත ක්ශේත්‍රයට කරපු ඉතා වටිනා සේවාව නිසා 2013 දී ඉකුතාරෝ සහ ඩේව් ස්මිත් තාක්ශණික සොයාගැනීම් සඳහා ලබා දෙන ග්‍රැමී සම්මානෙයෙන් පිදුම් ලබනවා

ඕක MIDI තමයි වල ඉතිහාසය.

Wednesday, February 3, 2021

Keyboard Buying Guide in 2021



කීබෝඩ් එකක් මිලදී ගැනීමට පෙර කරුණු කිහිපයක් සලකා බැලිය යුතු වෙනවා. 

  • ඔබ වියදම් කරන්න සූදානම් මුදල
  • භාවිත කරන අයගේ සංගීත හා තාක්ශණික දැනුම
  • භාවිත කිරීමේ අරමුණ
  • කොපමණ කාලයක් භාවිත කිරීමට සූදානම් ද

ඔබ වෘත්තිමය වශයෙන් සංගීතයේ යෙදෙන්නේ නැතිනම්, කීබෝඩ් එකක් මිලදී ගැනීම ආයෝජනයක් නම් වෙන්නේ නැහැ. ඒ වෙනත් ඉලෙක්ට්‍රොනික් උපකරණ වල වගේම කීබෝඩ් වල මිලත් කාලයත් සමග පහල යන නිසා.

අපි එක එක කීබෝඩ් වර්ග සහ මොඩ්ල්ස් ගැන ගැඹුරට බලන්නේ නැතුව, එක එක ජාතියේ ප්ලේයර්ස් ලට හොඳ මොන වගේ කීබෝඩ් එකක් ද කියලා බලමු. මොකද අද කාලේ එන එක කීබෝඩ් එකක් ගැන පැය ගණන් කතා කරන්න පුලුවන්. ඒ වගේම  ඕනතරම් ඔය එක මොඩ්ල් එකක් ගැන රිවීව්ස් හොයාගන්න පුලුවන්.

Controllers

මෙන්න මේ ජාතියේ කීස් සහ කන්ට්‍රෝල්ස් සීමිත ගාණක් තියන ඒ වගේම ඔන්බෝඩ් සවුන්ඩ් නැති කීබොඩ් එකකට අපි කියනවා කන්ට්‍රෝලර් කීබොඩ්ස් කියලා. මේකක් යූස් කරන්න නම් අනිවාර්‍යෙන්ම එෆ් එල් ස්ටුඩියෝ වගේ DAW සොෆ්ට්වෙයා එකක් ඕනේ. අන්න ඒ වගේ සොෆ්ට්වෙයා වල තියන වර්චුවල් ඉන්ස්ටෘමන්ට්ස් මේවලින් පාලනය කරන්න පුලුවන් නිසා මේවට කන්ට්‍රෝලර් කීබෝඩ්ස් එහෙම නැත්තන් මිඩි කීබෝඩ් කියලා කියනවා. කන්ට්‍රෝලර් කීබෝඩ් වල වාසි තමයි, මේවා ලේසියෙන් එහේ මෙහේ ගෙනියන්න පුලුවන්, ලැප්ටොප් එකක් වුණත් ඉස්සරහ තියාගෙන වැඩ කරන්න පුලුවන්. ඒ වගේම ගොඩක් මියුසික් මේකින් සොෆ්ට්වෙයා එක්ක යූස් කරන්න පුලුවන්.

Workstations

Workstation කීබෝඩ් වල විශේෂත්වය තමයි සාමාන්‍ය Music Making Software වල දකින්න පුලුවන්  Step Sequencers, Pattern Creating වගේ Features තියන එක. ඒ කියන්නේ මේ කීබෝඩ් වලින් අලුත් මියුසික් ට්‍රැක් එකක් හදනවා වගේ වැඩ කරන්න පුලුවන්. සමහර වෙලාවට ඉහල පෙලේ Arranger කීබෝඩ්ස් වලත් මේ දේවල් කරන්න අමාරුයි. මේ නිසා මේ කීබෝඩ් සිංදු, ට්‍රැක්  හදන අයට හොඳින් ගැලපෙනවා. 

Workstation කීබෝඩ් වලට උදාහරණ හැටියට Roland Fantom, FA, Korg Triton කීබෝඩ් පෙන්නන්න පුලුවන්. මීට අමතරව, දැන් නිශ්පාදනයේ නැතත් 90 දශකයෙ සිට අද දක්වාම සජීවී සංගීත කණ්ඩායම් වාදකයින් අතර ජනප්‍රිය  Roland XP50, XP80, JV1000 වැනි කීබෝඩ් ද අයත් වන්නේ මේ ගණයටයි. නමුත් යමහා සමාගම දැන් වර්ක්ස්ටේශන් කීබෝඩ් විශේෂයෙන් නිශ්පාදනය කරන්නේ නැහැ. ඒ ඔවුන්ටම අයත් Steinberg Nuendo සහ Cubase වැනි DAW Software තිබෙන නිසා. 

Synthesizers

Synthesizers භාවිතා කරන්නේ අලුත්  Sounds නිර්මාණය කරන්න. මේවයේ Sounds වල මූලික තරංග එහෙම නැත්නම් Waves වෙනස් කරලා අලුත් Sounds හදන්න පුලුවන් Synth Engines, Oscillators වගේ සංකීර්ණ  Features තියෙනවා.  මේ නිසා ගොඩක් වෙලාවට වෘත්තිමය සංගීත අධ්‍යක්ශක වරුන් මේ ජාතියේ කීබෝඩ් භාවිතා කරනවා.  නමුත් මේවායේ Sound වල ඇති Quality Eka නිසා වගේම ලයිව් ප්ලේ කරනකොට තිබෙන පහසුකම් නිසාම , නව පරපුරේ සංගීත කණ්ඩායම් සහ එකෝස්ටික් සංගීත කණ්ඩායම් වල මේ Yamaha Montage, MODX, කෝග් ක්‍රෝනොස් wage synthesizer කීබෝඩ් භාවිත කෙරෙනවා.

Digital Pianos

ඩිජිටල් පියානෝ එකක් කියන්නේ ඇත්ත පියානෝ එකකට වැඩිය සයිස් එකෙන් අඩු, ඒත් ඇත්ත පියානෝ එකක තියන සෞන්ඩ්ස් වගේම ප්ලෙයින් එක්ස්පීරියන්ස් එකත් ඒ විදියටම තියෙන කීබෝඩ්ස් වර්ගයක්. මේවත් එක එක ප්‍රමාණයෙන් තියනවා. හැබැයි අපි කලින් කතා කරපු කීබෝඩ්ස් වල තරම් ෆීචර්ස් මේවල නැතිවෙන්න පුලුවන්. හැබැයි පියානෝ ප්ලේ කරන්න ඉගෙන ගන්න කෙනෙක්ට වගේ හොඳටම ගැලපෙනවා ඒ පියානෝ එකකට වැඩිය මිල අඩු නිසා සහ භාවිතයත් පහසු නිසා.

Stage Keyboards

ස්ටේජ් කීබෝඩ්ස් කියන්නේ තනිකරම ලයිව් පර්ෆොර්මන්සස් වලට ගැලපෙන විදියට හදලා තියන කීබෝඩ්ස්. ඒ කියන්නේ මේවා සයිස් එකෙන් පොඩි නිසා එහේ මෙහේ ගෙනියන්න ලේසියි. ඒ වගේම ලයිව් ප්ලේ කරනකොට ඕන වෙන ගොඩක් Features තියනවා. මෙන්න මේ ජාතියේ කීබෝඩ්ස් වල හුරුබුහුටි ගතියක් තියෙන නිසා සමහර වෙලාවට ඔය මියුසික් වීඩියෝස් වලට එහෙම මේවා ගන්නවා. මේවට උදාහරණ තමයි Yamaha CP Series එකයි Node Stage Keyboards.

Buying a Used Keyboard

අනික් ප්‍රශ්නෙ තමයි සෙකන්ඩ් හෑන්ඩ් කීබෝඩ් එකක් ගන්නවද කියන එක. එහෙම ගන්නවනම් මේ දේවලුත් ටිකක් සලකලා බලන්න.


කීබෝඩ් එකක් කියන්නේ ෆෝන් එකක් වගේ නෙමෙයි. හාඩ්වෙයා කෑලි ගොඩක වගේම සොෆ්ට්වෙයා එකක එකතුවක්. ඒ වගේම පැනල් එකේ තියන බට්න්ස් ලයිට්ස් වගේම කීබෙඕඩ් එකේ ඉන්පුට් අවුට්පුට් කනෙක්ටර්සුත් ගොඩක් තියෙන්න පුලුවන්. සමහර විට ඕක ටිකක් ඇඩ්වාන්සෙඩ් කීබෝඩ් එකක් නම් ඕකේ සොෆ්ට්වෙයා එකේම වැඩ ගොඩක් තියෙන්න පුලුවන්. ප්‍රශ්නෙ තමයි ගන්නකොට ඔය ඔක්කොම වැඩ කරනවද කියලා ප්‍රායෝගිකව චෙක් කරන්න අමාරුයි. අනික තමයි ඔය මොකක් හරි එකක ෆෝල්ට් එකක් තිබුණොත් සමහරවිට කීබෝඩ් එකෙන්ම වැඩක් නැතිවෙන්න පුලුවන්.


අනික් එක තමයි කීබෝඩ් එක නිශ්පාදනය කරලා තියෙන අවුරුද්ද. මේකත් පරණ වෙන්න පරණ වෙන්න ප්‍රශ්න එන්න පුලුවන්. සමහර වෙලාවට මොකක් හරි රෙපෙයාර් එකක් ඇවිත් පරණ කීබෝඩ් එකක පාට් එකක් හොයාගන්න බැරිවුණොත් ඒත් වෙන්නේ පාඩුවක්.


Saturday, December 19, 2020

Keyboard Pitch Bend and Modulation Controller Tutorial

 Sinhala Keyboard Tutorial on using Pitch Bend and Modulation controllers.

කීබෝඩ් වල පිච් බෙන්ඩ් එකයි මොඩියුලේශන් එකයි භාවිත කරන හැටි.



Tutorial for Creating a 6/8 Style using Yamaha PSR-SX700/900 - Part 2

Yamaha PSR-SX කීබෝඩ් වලින් සිංහල සින්දු වලට ගැලපෙන 6/8 ස්ටයිල් එකක් හදන හැටි සරලව (දෙවන කොටස).

Watch Part 1 of This Tutorial (පලවෙනි කොටස): https://youtu.be/V3HILTqrTwc



Friday, October 16, 2020

Sinhala Tutorial for Creating a 6/8 Style using Yamaha PSR-SX700/900

A simple tutorial in the Sinhala language to show how to create a 6/8 style to play with Sinhala songs.

Yamaha PSR-SX700/900 එකෙන් සිංහල සින්දු වලට ගැලපෙන 6/8 ස්ටයිල් එකක් හදන හැටි සරලව.



Friday, September 11, 2015

New Instrumental Tracks

Some MP3 instrumental,backing,karoke tracks


Tuesday, March 17, 2015

Sri Lankan YAMAHA Styles

Here are some style files that can be played with YAMAHA PSR series keyboards. These are built on generic Sri Lankan tunes. Following styles are included.

Image result for yamaha psr logo


  1. Sri Lankan 4 4
  2. Sri Lankan 6 8 
  3. Sri Lankan 6 8 Lite
  4. Sri Lankan 6 8 Live Electronic
  5. Sri Lankan 6 8 Shuffle
  6. Sri Lankan 6 8 Slow
  7. Sri Lankan 6 8 Up
  8. Sri Lankan 8 4
All styles contains 4 variations, Start, End and auto-fills.

Some of the above styles are composed by following people.
  1. Ravi
  2. Ranga
Special thanks to Krishantha. 

Monday, September 29, 2014

Sinhala MIDI Collection B

Gawahale - Rookantha Gunathilake
Andura Ira - Clarence Wijewardane
Sudu Andumin - Jaya Sri
Pawuru Walallak - Annesly Malewana
Unna Eka Gangawaka - Uresha Ravihari
Rahase Handana - Clarence Wijewardane
Thana Nilla Dige - Saman De Silva
Ran Yaye - Jaliya Ranathunga
Sithin Ma Nosalee - T.M. Jayarathne
Cow The Boy - Cartoon Song

Sinhala MIDI Collection A

Ra Tharakawo Baluwa Ebi - Clarence Wijewardane
Tharuka Pelin Eha - Athula Adikari & Samitha Mudunkotuwa
Wana Dewliya Thurule - Indrani Perera
Tharindu Nagena Yame - Milton Mallawaarachchi
Nihanda Arana Dalu Mal Pubudai - Rohana Shantha Bulegoda
Mage Jeewithe Aluth Pituwak Pura - Noel Raj

Backing Tracks

Here are some MP3 instrumental/backing tracks of some popular Sinhala songs. Download links are mirrored to ChordsLanka.Com

Bethlehem Pure - Christmas Song
Rahase Handana - Clarence Wijewardane and Neela Wickramasinghe
Awasara Natha Mata - Milton Mallawaarachchi
Kiri Muhuda Kalabala -  Clarence Wijewardane
Desa Piya Gath Kala - Clarence Wijewardane
Gamen Liyumak Awilla - Clarence Wijewardane
Lassana Samanalayo (Vilasitha) - Chandani Hettiarachchi